තීන්දුව කඩිනම් කිරිමට කරන ඉල්ලීමට එරෙහිවත් මෝසමක්

දෙසැ 11, 2018

    ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සමවල තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් අද ගොනු කරනු ලැබිණ.

    නීතිඥ අරුණ ලක්සිරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මෝසම ඉදිරිපත්   කර ඇත.

    නීතිඥ ලක්සිරි මහතා අධිකරණයට සිය මෝසමෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් පිළිබඳ තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පුවත් පළ වී ඇති බවයි. මෙවැනි ඉල්ලීම් කිරීම තුළින් අදාළ නඩුවේ විභාග කටයුතු වට අගතියක් සිදුවන බව නීතිඥ අරුණ ලක්සිරි මහතා පෙන්වා දෙයි.
    එම නිසා මෙම නඩුව පිළිබඳව ස්වාධීන ලෙස විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන මෙන් ද  නීතිඥ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
     
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ගොනුකර ඇති පෙත්සමවල තීන්දුව කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් නීතිපති මාර්ගයෙන් අගවිනිසුරු වෙත අද ඉල්ලීමක් කිරිමට බලාපොරොත්තු බව දැනුම් දුන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඊයේ කියා සිටියේය. 
     
    Last modified on අඟහරුවාදා, 11 දෙසැම්බර් 2018 11:39

    Latest News