කපිල චන්ද්‍රසේන හා බිරිඳ CIDයට භාරවෙයි

පෙබ 06, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවී තිබේ.

    අද පෙරවරුවේ ඔවුන් පැමිණ භාර වූ පසු මේ වන විට ඔවුන්ගේ ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඔවුන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    එයාර් බස් සමාගමෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිල දී ගැනිම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක අල්ලසක් ලබාගැනීම හා මුදල් විශුද්ධීකරණය යන චෝදනා මත එම යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණ. කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳට විදේශ ගතවීම වළක්වමින් අධිකරණය විදෙස් ගමන් තහනමක් ද පනවා තිබූ බවයි පොලීසිය පවසන්නේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 12:30

    Latest News