වවුනතිව් පොලිස් සැරයෙන්වරයෙක් ඝාතනය කෙරේ

පෙබ 06, 2020

    මඩකලපුව,වවුනතිව් පොලිස් වසමේ අයිත්තිමලේ මාර්ගයේ දී පොලිස් සැරයෙන්වරයෙකු ඝාතනය කර තිබේ.

    පොලීසිය පවසන්නේ ඔහු වාලච්චේන පොලීසියේ සේවය කළ බවයි. ටී.සිවරාසා නමැති ඔහු ඊයේ රාත්‍රී 11.00ට පමණ බිරිඳ සමග දුරකථනයෙන් කතා කිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වී ඇති බවට සැක කෙරේ. ඔහුගේ සිරුරේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවයි පොලීසිය පවසන්නේ. තිදරු පියෙක් වන සිවරාසා මහතා ලබන මාසයේ විශ්‍රාම යාමට නියමිතව සිටියේය. සිද්ධිය පිළිබඳව වවුනතිව් හා මඩකලපුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 15:09

    Latest News