කැස්බෑ පැටවුන් 83ක් මුහුදට

පෙබ 06, 2020

    ගාලුමුවදොර වෙරළ තීරයේ ප්‍රථම වරට කැස්බෑවියක් දැමූ බිත්තරවලින් උපත ලද කැස්බෑ පැටවුන් ඊයේ සයුරට මුදා හැරිණ.

    එම බිත්තර නිරීක්ෂණය කොට සංරක්ෂණය කරනු ලැබුවේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. මෙලෙස උපත ලද කැස්බෑ පැටවුන් සංඛ්‍යාව 83ක්. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ නීල හරිත ව්‍යපෘතිය යටතේ ගාලුමුවදොර වෙරළ තීරය පිරිසිදු කර තිබේ. කැස්බෑවෙකු ගාලුමුවදොර වෙරළ තීරයේ බිත්තර දැමූ බවට නිරීක්ෂණය වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

    ඊයේ බිත්තරවලින් පිටතට ආ පැටවුන් සාගරයට මුදා හැරුණේ, නාවික හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. නීල හරිත ව්‍යාපෘතිය යටතේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය පානම,මිරිස්ස සහ වැල්ලවත්ත යන ප්‍රදේශ ආශ්‍රිතව ද පවත්වාගෙන යනු ලබයි. කැස්බෑ බිත්තර සංරක්ෂණය කර පැටවුන් එළියට පැමිණි පසු සාගරයට මුදා හැරීම දක්වා වූ ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ නාවික හමුදාවේ සෘජු අධීක්ෂණය යටතේයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 13:04

    Latest News