තලේයිමන්නාරම් මුහුදේ හමුවූ කිලෝ912ක බීඩිකොළ (ඡායාරූප)

මාර් 21, 2019

    තලේයිමන්නාරම මුහුදු ප්‍රදේශය දී බීඩී කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460 ක් (ගෝනි 27 ක්) සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒවා ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. සැකකරුවන් වයස අවුරුදු 32 හා 38 වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්. එම බීඩී කොළ තොගය සහ සැකකරුවන් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

    02

    04 1

    05

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 08:53

    Latest News