අඹේපුස්ස බස් රථ අනතුරකින් කොන්දොස්තර මරුට

පෙබ 06, 2020

    ත්‍රිකුණාමලය - අඹේපුස්ස මාර්ගයේ තඹලගමුව ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා මියාගොස් තිබේ.

    බස් රථ දෙකෙහිම මගීන් 30ක් පමණ තුවාල ලබා ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා තඹලගමුව,කන්තලේ හා ත්‍රිකුණාමලය රෝහල්වලට ඇතුළත් කෙරිණ.

    අනතුරින් ලංගම බස් රථය අසළ වෙළෙදසැලක් තුළට ද පුද්ගලික බස් රථය අසළ බොක්කුවක් තුළට ද පෙරලී තිබේ. මියගොස් ඇත්තේ 22 හැවිරිදි බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තඹලගමුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 11:29

    Latest News