කැස්බෑ සංරක්ෂණයට පියවර රැසක්

මාර් 11, 2019

    කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව දායකවී තිබේ. ඒ වඳවී යන කැස්බෑ සත්ව විශේෂය ආරක්ෂා කිරීමේ අරමුණෙන්.

    කැස්බෑ බිත්තර දමන සෑම වෙරළ ප්‍රදේශයකම නාවික හමුදා සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ඉකුත් දෙවසර තුළ කැස්බෑ පැටවුන් 5,700ක් පමණ සංරක්ෂණයෙන් පසු සාගරයට මුදා හැරිමට නාවික හමුදාව ක්‍රියා කළේය.

    ගිණිකොන නාවික විධායනය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පැටවුන් 250ක් පසුගියදා සාගරයට මුදා හැරිණ. දිවයින වටා වෙරළ තීරය ආවරණය වන පරිදි සාගර සම්පත් සුරැකීම වෙනුවෙන් නාවික හමුදාව විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 07:47

    Latest News