පොදු ව්‍යාපාර - රාජ්‍ය ගිණුම් කාරක සභා සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට

පෙබ 05, 2020

    පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යෝජනා කර ඇති සාමාජිකයින්ගේ නම් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඒ කතානායක කරූ ජයසූරිය මහතා විසින්. දේශපාලන පක්ෂ විසින් තම නියෝජිතයන් මේ වන විට නම් කරනු ලැබ තිබේ. කතානායකවරයා එම නම් නිවේදනය කිරීමෙන් පසු කමිටු සාමාජිකයින් රැස්වී සභාපතිවරු පත්කර ගත යුතුයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග සියලු කමිටු අහෝසිවන අතර, අලුත් පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමග එම කමිටු යළි පිහිටුවිය යුතුයි.

    Last modified on බදාදා, 05 පෙබරවාරි 2020 09:10

    Latest News