මෙවර යල කන්නයේ වී සඳහා ඉහළ මිලක්

අගෝ 20, 2019

    මෙවර යල කන්නයේදී නාඩු වී කිලෝවක් සදහා රු. 43ක් හා සම්බා වී කිලෝවක් සදහා රු. 46ක සහතික මිලක් ලබාදිමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

    මාතලේ දිස්ත්‍රික්කයේ 2018 වර්ෂයේදී වගා හානි සිදු වු ගොවි පවුල් 1046ක් වෙනුවෙන් වගා හානි වන්දි ලෙස රුපියල් ලක්ෂ 280ක මුදලක් ප්‍රධානය කිරමේ උත්සවයට සහභාගි වෙමින් කෘෂීකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. උත්සවය මාතලේ ‌හෝටල් පාසැල් ශ්‍රවණාගාරයේදී අද (20) පැවැත්විණි.

    උත්සව අවස්ථාව ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා...

    පසුගිය කන්නයේදී නාඩු වී කිලෝවක් රුපියල් 38 කට හා සම්බා කිලෝවක් රුපියල් 41කට මිලදි ගනු ලැබුවත් මෙවර ගොවියා සඳහා ඉතා හොද මිලක් ලබාදිමට රජය පියවර ගෙන තිබෙනවා. අපි 2017 දී ගොවීන්ට වන්දි ලෙස බිලියන 5.2ක මුදල්ක ලබාදුන්නා. 2018 දී වී අස්වැන්න විශාල ලෙස වැඩිවුනා. අපේ රජය ජනතාවට දුන් පොහොර සහනාධාරය, වගා රක්ෂණ වන්දි හා නියමිත ලෙස ජලය ලබාදීම නිසා ගොවියා රජය කෙරෙහි තැබු විස්වාසය නිසයි අස්වැනු වැඩිවුනේ.

    පසුගිය කන්න කිහිපය තුළදී වී, ලොකු ලුණු, සෝයා, බඩ ඉරිගු හා මිරිස් යන භෝගයන් සඳහා ගොවීන්ගෙන් රක්ෂණ සඳහා කිසිදු මුදලක් අය නොකර කෘෂීරක්ෂණ මංඩලය මගින් නොමිලේ රක්ෂණය කර තිබෙනවා. අක්කරයකට රුපියල් 40,000ක උපරිමයකට යටත්ව වන්දි ප්‍රධානය කිරිමට පියවර ගෙන තිබෙනවා. 2018 වර්ෂයේ දිවයිනේ වගා හානි සඳහා මිලියන 570ක් ගොවීන් 20250ක් වෙත වන්දි ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. පසුගිය වසර 4ක කාලය තුළ විවිධ ප්‍රශ්න ගැටළු අබියෝග මැදයි ආණ්ඩුව ඉදිරියට ගෙන ආවේ. ඒ කුමන අභියෝග තිබුනත් ගොවි ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න අප රජය කටයුතු කළා. රටක් ලෙස අද අපිට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට එන්න පුළුවන් වෙලා තියනවා.

    ලොකු ලුණු බීජ ගම්මානයක් සඳහා නිළධාරීන්ගෙන් අක්කර 300ක් ඉල්ලුවා නමුත් ඒ ඉල්ලිම අදටත් ඉටුවෙලා නෑ. මේවා තමයි තියන ගැටළු. මේ පිළිබද අපි වගේම රජයේ නිළධාරීන්ගේ උනන්දුවත් අත්‍යවශ්‍යයි. අස්වැන්නෙන් 30%ත් 40% අතර ප්‍රමාණයක් ප්‍රවාහනයේදී විනාශ වෙනවා. ඒක රටට විශාල පාඩුවක්. අපි ඒ සඳහා විසදුමක් ලෙස කූඩ මගින් අස්වනු ප්‍රවාහනට පියවර ගෙන තිබෙනවා. කූඩ ලක්ෂ 5ක් ඉදිරියේදී ගොවියාට නොමිලේ ලබාදිමට කැබිනට් අනුමැකිය ලැබිලා තියෙනවා. අපිට හැමදාම යල්පැනගිය තාක්ෂණික ක්‍රම භාවිතා කර ගොවිතැන කරන්න බෑ. අපි නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරන්න අවශ්‍යයි. අපිට තමයි වැඩිම නිළධාරීන් පිරිසක් සිටින්නේ. අපි ඔවුන්ගේ සහය ලබා ගෙන ගොවියාට අවශ්‍ය සහය ලබාදමට කටයුතු කරනවා යැයි අලුවිහාරේ මහතා පැවසීය.

    Latest News