අවිස්සාවේල්ල පතලකට වැටී 3ක් මරුට

පෙබ 03, 2020

    අවිස්සාවේල්ල,නුගේවත්ත මාලිගාව පාර ප්‍රදේශයේ දි අතහැර දැමු පතලකට බැසීමෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ, ඊයේ රාත්‍රී. එම පතලට වැටී සිටි කුකුලන් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා එක් පුද්ගලයෙකු පතලට බැසීමෙන් පසු ඔහු ශ්වසන ආබාධයකට ලක්ව තිබේ. එම පුද්ගලයා බේරා ගැනීම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙකු පතලට බැස ඇති අතර ඔවුන් ද මෙම ශ්වසනාබාධයට ලක්වූ බවයි, අප වාර්තාකරු පවසන්නේ. පුද්ගලයින් දෙදෙනෙක් පතල තුලදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහල් ගත කළ පසු මරණයට පත්ව තිබේ.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 07:49

    Latest News