කොළඹ - යාපනය අතර නව ගුවන්‌ සේවාවක්‌ අද සිට (වීඩියෝ)

පෙබ 01, 2020
  • කොළඹ සහ යාපනය අතර නව ගුවන්‌ සේවාවක්‌ අද(01) සිට ආරම්භ කෙරේ.

    රට තුළ අභ්‍යන්තර ගුවන්‌ ගමන්‌ ප්‍රවර්ධනය කිරිම ප්‍රතිපත්තියට අනුව මෙය ක්‍රියාත්මක වේ.

    "ෆිටිස්‌එයාර්" ගුවන්‌ සමාගම විසින් එකවර මගීන්‌ 70ක්‌ රැගෙන යා හැකි ගුවන්‌ යානයක්‌ ඊට යොදාව ඇති අතර සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනවල එම ගුවන්‌ ගමන්‌ ක්‍රියාත්මක බවයි, රත්මලාන ප්‍රධාන ගුවන්තොටුපොල කළමණාකරු අරුණ රාජපක්ෂ මහතා පවසන්නේ.

    ඉහත දිනවල උදෑසන 7.30ට රත්මලාන ගුවන්‌ තොටුපොලින්‌ යාපනය බලා පිටත්වන යානය නැවත පෙරවරු 9.30ට පලාලි ගුවන්‌ තොටුපොලින්‌ රත්මලාන බලා පිටත්වීමට නියමිතයි.

    යාපනය සිට චෙන්නායි දුක්වා ගමන්‌ කරන ගුවන්‌ යානය ඉලක්ක කර මෙම ගුවන්‌ සේවය ක්‍රියාත්මකවීම විශේෂත්වයකි. කොළඹ සිට යාපනයට ගොස් නැවත පැමිණීමට මගියෙකුගෙන්‌ අයකෙරෙන මුදල රුපියල්‌ 15,000කි. මීට පෙර ඒ සඳහා මගියෙකුගෙන්‌ රුපියල්‌ 33,000 අය කෙරිණ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජයේ අවධාණය යොමු වී ඇත්තේ යාපනය, මඩකලපුව, මත්තල, කටුනායක අතර අභ්‍යන්තර ගුවන්ගමන්‌ වැඩි දියුණු කිරිමටයි.

    Last modified on සෙනසුරාදා, 01 පෙබරවාරි 2020 20:08

    Latest News