යාපනය ගුවන් තොටුපලේ සංවර්ධනට ඉන්දීය සහය (වීඩියෝ)

ජූනි 10, 2020
  • යාපනය පළාලි ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා ඉන්දීය රජයේ සහය ලබා ගැනීමට නියමිතයි. පළාලි ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට කඩිනමින් අත්සන් කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත සංවර්ධනය, මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම ඇතුළු යටිතල පහසුකම් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. මෙරට දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස පැවති පළාලි ගුවන් තොටුපල ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් හමුදා මෙහෙයුම් සඳහා පමණක් භාවිත කෙරුණා. නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් පසුගිය වසරේ දී ආරම්භ කළ ද ඊට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් වූයේ නැහැ. එම නිසා කඩිනමින් සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි ගුවන් සේවා අමාත්‍යංශය කියා සිටියේ.

    Last modified on බදාදා, 10 ජූනි 2020 20:04

    Latest News