ශ්‍රී ලංකන් අක්‍රමිකතා වාර්තාව නීතිපතිට යොමු කිරීමට අනුමැතිය

අගෝ 28, 2019

    ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රි ලංකන් කේටරින් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමේ ජනපති කොමිසම් වාර්තාව නීතිපතිට යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    විවිධ පර්ශ්වවලින් ලද ලිඛිත හා වාචික පැමිණිලි හා වෙනත් තොරතුරු පරීක්ෂා කර නිර්දේශ 32ක් ඇතුළත්ව සකස් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට එම කොමිෂන් සභාවේ නිර්දේශ අනූව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති වෙත යොමුකළ යුතුවේ. අදාළ යෝජනාව ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කෙරුණු අතර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    Last modified on බදාදා, 28 අගෝස්තු 2019 12:29

    Latest News