වූහාන්වලින් පිටවීමට පෙර, සිසුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන්; චීන වැ.බ. ශ්‍රී ලංකා තානාපති

පෙබ 01, 2020

    චීනයේ වූහාන් නගරයෙන් පිටවීමට පෙර, ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා චීන සෞඛ්‍ය බලධාරීන් විසින් පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කළ බව, චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ. යෝගනාදන් මහතා ජාතික රූපවාහිනියට පැවසීය.

    එම මුලික පරීක්‍ෂණයේදී පෙනී ගියේ, සිසු පිරිස යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව යැයි, චීන බලධාරීන් ශ්‍රී ලංකා වැඩබලන තානාපතිවරයාට ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ අදහස් දැක්වූ කේ.කේ. යෝගනාදන් මහතා....

    “වූහාන් නගරයේ හිටපු ළමයි 33 දෙනා අද උදේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ සම්බන්ධයෙන් අපි චීන රජයත් එක්ක සාකච්ජා කරමින් සිටියා. අපි දන්නවා ඒකේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා. අපි ලැහැස්ති වෙලා හිටියේ ඒ පණිවුඩය ලැබුණාම ළමයි සියලු දෙනාම ලංකාවට ගෙනියන්න. ඒ නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානය වූහාන් නගරයට ඇවිල්ලා, ළමයි සියලු දෙනාම බොහොම සනීපෙන් ලංකාවට අපිට ගෙනියන්න පුලුවන් වුණා. ළමයි වූහාන්වල ඉන්නකොට ඒ ළමයි එක්ක අපි සම්බන්ධ වෙලා හිටියා. තානාපති කාර්යාලය නිතරම ඒගොල්ලන් ගැන හොයලා බලලා, ළමයින්ට ඕන විධියට අපි වැඩ කරලා දුන්නා. ළමයි හොඳ තත්වයෙන් වූහාන් ගුවන් තොටුපොළට ආවා. ඒ 33 දෙනාවම හොඳින් ලංකාවට එවන්න පුලුවන් වුණා“ යැයි කේ.කේ. යෝගනාදන් මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 01 පෙබරවාරි 2020 18:35

    Latest News