"ස්කයිඅප්" කොළඹට සෘජු ගමන් අරඹයි

අගෝ 25, 2019

    යුක්‍රේනයේ "ස්කයිඅප්" ගුවන් සමාගම කොළඹ දක්වා සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක කිරිමට සූදානම් වෙයි.

    අදාළ අයදුම්පත යුක්‍රේන රජ්‍ය ගුවන් සේවා පරිපාලනයට යොමුකර ඇති බවයි, වාර්තා වන්නේ. අදාළ අයදුම්පත යුක්‍රේන රාජ්‍ය ගුවන් සේවා පරිපාලනයට යොමුකර ඇති බවයි, වාර්තා වන්නේ. යුක්‍රේනයේ කිච් අගනුවර සිට කොළඹ දක්වා සතියකට දෙවතාවක් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටයි, ස්කයිඅප් ගුවන් සේවය සූදානම් වන්නේ.

    ඒ ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිටයි. යුක්‍රේනය කේන්ද්‍ර කරගත් අඩු පිරිමැසුම් ගුවන් සේවාවක් ලෙසයි, ස්කයිඅප් ගුවන් සමාගම සැලකෙන්නේ. කොළඹ හා යුක්‍රේනයේ කිච් අගනුවර අතර සෘජු සේවා වර්තමානයේ දී ක්‍රියාත්මක වන්නේ නැහැ. මීට පෙර යුක්‍රේනයේ විශාලතම ගුවන් සමාගම වන යුක්‍රේන අන්තර්ජාතික ගුවන් සමාගම කොළඹ හා කිච් අගනුවර අතර සේවා ක්‍රියාත්මක කළේය. පසුව එම සේවා නවතා දමනු ලැබුවේ, ගුවන්යානා අකාර්යක්ෂමතාව මුල්කර ගනිමින්.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 12:17

    Latest News