පාඨලීගේ රියැදුරුගෙන් රහසිගත ප්‍රකාශයක් (වීඩියෝ)

ජන 29, 2020
  • රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී රණවක මහතාගේ රියැදුරු දිලුම් තුසිත කුමාර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දී ඇත.

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම රහසිගත ප්‍රකාශයක් ලබා දුන්නේය.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුලදී මෙම රහස්‍ය ප්‍රකාශය සටහන් කරගැනීම සිදුකෙරිණ.

    හිටපු අමාත්‍යවරයාගේ රියදුරු දිලුම් තුසිත කුමාර නමැත්තා මෙම නඩුව සම්බන්ධයෙන් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 20:25

    Latest News