“කොරෝනා“ කටකතාවලට බිය වෙන්න එපා; අමාත්‍ය බන්දුල ගුණවර්ධන (වීඩියෝ)

ජන 29, 2020
  • කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිරී යන කටකතා සහ වැරදි ප්‍රචාරවලට බිය නොවන්නැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එය දරුණු වසංගත තත්වයක් දක්වා වර්ධනය වන්නේ නම් ඉන් ආරක්‍ෂාවීමට අවශ්‍ය උපදෙස් රජය නිල වශයෙන් මාධ්‍ය ඔස්සේ නිකුත් කරන බව ඔහු පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා....

    “කිසි වෙලාවක අධ්‍යාපන අමාත්‍යාංශයවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයවත් මුඛ ආවරණ මිලට ගෙන පළඳින ලෙසට රජයටවත්, ජනතාවටවත් උපදෙසක් දීලා නැහැ. ඒ නිසා බොර දියේ මාළු බාන්නට උත්සහ දරන ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවන් මේ දුක්ඛිත තත්වය යටතේ වුණත් තමන්ගේ මඩිස්සලය තරකර ගැනීමේ අදහස විශාල මිල ගණන්වලට මුඛ ආවරණ අලෙවි කරන බවත්, එය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකලා මුඛ ආවරණ පැළඳගෙන එන ලෙසට උපදෙස් දෙන බවත් වාර්තා වෙලා තියෙනවා. එය නරක තත්වයක්. මොකද එවැනි තත්වයක් අවශ්‍ය වුනොත් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය එසේ ආරක්‍ෂාව සලස ගන්න කියලා නියම කරනවා. දැනට එවැනි තත්වයක් නියම කරලා නැහැ. පාසල් වැසීමක්, ක්‍රීඩා උත්සව නැවැත්වීමක් යනාදිය පිළිබඳ තීන්දුවක් අරගෙන නැහැ. රටේ ජනතාවටත්, දෙමාපියන්ටත් විශේෂයෙන් අවධාරණය කර කියා සිටින්නේ හදිසි දරුණු වසංගත තත්වයක් පවතිනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ක්‍ෂණිකව මාධ්‍ය හරහා අපි නිකුත් කරනවා නිල වශයෙන්. කට කතා සහ සමහර මාධ්‍ය ඔස්සේ යන වැරදි ප්‍රචාරයන් නිසා බියවීමට අවශ්‍ය නැති බව තමයි අවධාරණය කළ යුත්තේ“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 20:13

    Latest News