වාතයේ විෂ අංශු ඉවත් කෙරෙන නව නිපයුමක් ශ්‍රී ලාංකිකයෙකුගෙන් (වීඩියෝ)

ජන 29, 2020
  • කටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ල වෛරස් ඇතුළු විෂබීජවලින් තොර කලාපයක් බවට පත් කිරීමට සම්මානලාභී ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු හා නව නිපැයුම්කරුවෙකු වන මංජු ගුණවර්ධන මහතා සමත්විය.

    එය ගුවන් තොටුපොළ තුලදී කොරොනා වෛරසය ආසාදිතයෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝවීම වැළැක්වීමට හේතුවනු ඇත. මංජු ගුණවර්ධන මහතා, වසර 07ක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස, 2012 වසරේදී මෙම නැනෝ තාක්‍ෂණය උපාංගය හඳුන්වා දී තිබේ. වෛරස්, බැක්ටීරියා ඇතුළු විවිධ විෂබීජ සහිත ඕනෑම ආකාරයක ගොඩනැගිල්ලක එය සවි කළ හැක. එමගින් වාතාශ්‍රයේ ඇති විෂ අංශු හා බැක්ටීරියා ඉවත් කෙරෙන බව මංජු ගුණවර්ධන මහතා පවසයි. නැනෝ අංශුවක් හිරු එළිය හෝ විදුලි බුබුලක් වැනි ආලෝක ප්‍රභවයක් සමඟ එකතු කිරීමෙන් පසු බැක්ටීරියා වෛරස් වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීමට හැකියාව ලැබීම ඔහුගේ එම නව සොයා ගැනීමයි. මේ අතරින් පහසුම අලෝක ප්‍රභවය වන විදුලි බුබුලේ පිටත නැනෝ අංශුව ආලේප කර, එය දැල්වීමෙන් වාතාශ්‍රයේ විෂබීජහරණ ක්‍රියාවලිය සිදුවන බව සොයා ගෙන තිබේ. මෙවැනි ඒකක 22ක් ඊයේ පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සවි කෙරිණ. මංජු ගුණවර්ධන මහතාගේ මේ නිෂ්පාදනයට අමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ පේටන්ට් බලපත්‍රයක් ද හිමියි.

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 20:16

    Latest News