සී.වී. විග්නේශ්වරන් ඇතුළු 4 කට එරෙහි නඩු විභාගය මැයි මස 18 වනදා (වීඩියෝ)

ජන 28, 2020
  • අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තියෙන පැමිණිල්ලේ විභාගය මැයි මස 18 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

    මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

    එහිදී දෙපාර්ශවය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නඩුවේ විභාගය මැයි මස 18, 19 සහ 20 යන දිනවල පැවැත්වීමට සිදු කර ඇත.

    උතුරු පළාත් සභාවේ හිටපු ධීවර අමාත්‍ය ඩෙනිශ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. ඒ 2017 වසරේ එම අමාත්‍යධූරයෙන් තමාව ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉවත් කළ බවත් ඊට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කරමින්.

    එම නඩුව විභාග කළ අභියාචනාධිකරණය තමන්ව නැවත අදාළ අමාත්‍යධුරයේ පිහිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන තිබුණත් එය ක්‍රියාත්මක කිරීම හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවයි හිටපු අමාත්‍ය ඩෙනිශ්වරන් මහතා පවසන්නේ.

    මේ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 20:17

    Latest News