පළාත් සභා අවශ්‍ය උතුරු-නැගෙනහිරට - විග්නේෂ්වරන්

ජන 31, 2019

    පළාත් සභාවල අවශ්‍යතාව තිබෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් බව උතුරු පළාත් හිටපු මහඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

    පළාත් සභා සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දී ඇත.

    විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ "පළාත් සභා ලංකාවටම අවශ්‍ය නෑ. එ්ක ඇත්ත වශයෙන්ම අවශ්‍යතාව උතුර-නැගෙනහිර පළාත්වලට පමණයි. ජේ. අාර්. ජයවර්ධන මේ පළාත් සභා හදන කොට රටම කෑලි 9කට කඩලා පළාත් සභා 9ක් හැදුවා" යැයි ප්‍රකාශ කළේය.

    Latest News