තියුණු ආයුධයකින් පහරදී බදුල්ලේ කාන්තාවක් ඝාතනය කෙරේ

ජන 28, 2020

    බදුල්ල - කයිලගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

    අද (28) පෙරවරුවේ කැපුම් තුවාල සහිතව කාන්තාවක් එම ප්‍රදේශයේ මාර්ගයේ බිම ඇද වැටී ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී ඇත.

    එම කාන්තාව බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරිනියකි.

    උදෑසන 9:30 ට පමණ මුහුණ ආවරණය කරගත් තරුණයෙක් අසල්වැසි කාන්තාවක් විසින් දැක ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    පොලීසියේ නිළ සුනඛ ඒකකයේ ඩස්ටි නැමති සුනඛයා ද යොදා ගනිමින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ ද ඝාතනයට සම්බන්ධ කිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැති බවයි වාර්තා වන්නේ.

    මේ පිළිබඳව බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Latest News