විග්නේෂ්වරන්ගේ අපහාස නඩුව මැයි 23 කැඳවේ

පෙබ 21, 2019

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන මැයි මස 23 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කරයි.

    පැමිණිල්ල අද(21) අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා හමුවේ කැඳවනු ලැබිණි. එහිදී විනිසුරුවරයා මෙම පැමිණිල්ල මැයි මස 23 වනදා කැඳවන බවත් එදින මෙය විභාගයට ගැනීම පිළිබඳව තීරණය කරන බවත් නියෝග කර ඇත.

    උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. උතුරු පළාත් ධීවර අමාත්‍ය ධුරයෙන් තමන්ව ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් මහතා විසින් පැමිණිල්ලක් ගොනු කරනු ලැබිනි. එය විභාග කළ අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන් මහතාට එම තනතුරේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස දන්වා අතුරු නියෝගයක් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා වෙත 2018 වසරේ අගෝස්තු මස නිකුත් කර තිබිණි.

    එහෙත් විග්නේෂ්වරන් මහතා එම අභියාචන අධිකරණ නියෝගයට අවනත නොවී කඩ කරමින් කටයුතු කළ බව චෝදනා කරන පැමිණිලිකාර ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් වගඋත්තරකාර හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකු විසින් මූලික විරෝධතා මතු කර ලැබිණි.

    එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර තිබෙන අභියාචනාධිකරණය එම පැමිණිල්ල විභාග කිරීමට තීරණය කර ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 පෙබරවාරි 2019 14:16

    Latest News