දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් උසස් පෙළ සිසුන්

අගෝ 29, 2022

    2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මඩකලපුව - ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් තුවාකේෂ් සිසුවා සමත්වී තිබේ.

    ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් සිසුවා විසින් හිමිකරගෙන ඇති අතර කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ බදුල්ල -කැන්දගොල්ල මහ විද්‍යාලයේ ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවා විසින්.

    වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිණි නේහා අමරරත්න සිසුවිය වන අතර ජෛව තාක්ෂණවේදය අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ඉසුරි පබසරා ලොකුපතිරගේ සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

    නාරම්මල මයුරපාද විද්‍යාලයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ ඉංජිනේරු තාක්ෂණ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

    Last modified on සදුදා, 29 අගෝස්තු 2022 10:37

    Latest News