අදාළ කමිටුව පත්කර ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්. ලංකා ගමනා ගමන මණ්ඩලය සම්බන්ධව එල්ල වී ඇති චෝදනා හා පැමිණිලි විමර්ශනය කර සති දෙකක් තුළ තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි, අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දී ඇත්තේ.
බස් ඩිපෝවල පසුගිය කාලයේ වාර්තා වූ විවිධ විෂමාචාරයන් හා ඩිපෝවල කටයුතු පිළිබඳ මහජනතාවගෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ පුළුල් විමර්ශනයක් මෙම කමිටුව මගින් සිදු කෙරෙනු ඇති. එහි සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතා පත්කර තිබේ.