දුම්රිය - ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි

මැයි 20, 2022

    අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රජයේ නිලධාරීන් අද දිනයේ සේවයට කැදවුවද දුම්රිය සහ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ.

    පෞද්ගලික බස් රථ අද දිනයේද ධාවනය කෙරෙන්නේ සීමිත ප්‍රමාණයක් බවයි, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සඳහන් කරන්නේ.

    පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස පිළිබඳ සළකා අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනනය කෙරෙන බවයි, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න පවසන්නේ.

    Latest News