පොලිස් සුනඛ බෙනි කිලෝමීටර් එකොලහ හමාරක් ගොස් සැකකරු අල්ලා ගනී

ජන 17, 2020

    ඇතිමලේ පොලිස් බලප්‍රදේශයට අයත් ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ඊයේ දින කිසියම් පුද්ගලයකු විසින් සොරා ගෙන තිබිණ.

    පසුව නිවැසියන් විසින් ඇතිමලේ පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව ඇතිමලේ පොලිසිය සහ මොනරාගල පොලිස් කොඨ්ඨාශයේ බෙනී සුනඛයා යොදාගෙන සැකකරු සොයා ඊයේ පස්වරුවේ විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත.

    beni dog 1 900 17 01

    පසුව බෙනිසුනඛයා විසින් කිලෝමීටර් එකොලහ හමාරක් දුරින් පිහිටි සැකකරුගේ නිවස වෙත ගොස් සැකකරු වාඩිවී සිටි පුටුව අසල බිම වැතිරින.

    dog 21 900 17 01

    ඉන්පසු පොලිස් නිලධාරීන් විසින් එම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ දින දරුවන් පාසල වෙතභාර දීම සදහා සොරකම සිදුවූ නිවසේ පුද්ගලයන් පාසලට ගොස් ඇති අවස්ථාවේ දී සැකකරු විසින් මෙම සොරකම සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරි විමර්ශන ඇතිමලේ පොලිසිය විසින් සිදු කරයි.

    Latest News