මාධ්‍ය මෙහෙයවර අගයමින් අමිල සම්පත්ට සම්මානයක්

ජන 16, 2020

    ජීවිත අවදානම නොතකා මාධ්‍ය මෙහෙවරේ නියැලෙමින් සමාජය යහමඟට ගැනීම සඳහා කරන කැපවීම සහ සේවය අගය කිරීමට ලක් කරමින් මාධ්‍යවේදී එන්.පී.ජී.අමිල සම්පත් සම්මානයෙන් පිදුම් ලැබීය.

    උත්සවය පැවැත්වුණේ තිස්සමහාරාම, නැදිගම්විල කනිෂ්ඨ විද්‍යාලයේයි. මෙය සංවිධානය කෙරුණේ පූජ්‍ය නලගම නාරද නාහිමි ගුණසමරු පදනම විසින්.

    උසස් පෙළ ගණිත විෂයෙන් ලංකාවේ තුන්වන ස්ථානයට පත්වූ තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලේ ඩබ්ලිව්.ජි. සිතුම් විහංග සිසුවාට ද මුදල් ත්‍යාගයක්ක් සමග උපහාර පිදීමක් සිදු කෙරිණ. එමෙන්ම ප්‍රදේශයේ විශිෂ්ඨ සේවාවන් කළ තවත් කිහිප දෙනෙක් ද උපහාරයෙන් පිදුම් ලැබිණ.

    හම්බන්තොට දිස්ත්‍රික්ක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති නැදිගම්විල විහාරාධිපති ශාස්ත්‍රපති උයන්වත්තේ සද්ධාරාම ස්වාමීන් වහන්සේ ද මේ අවස්ථාවට එක්විය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 12:14

    Latest News