රාජිත මුල්ගල තැබු කෑගල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරිම් නවතී

ජන 16, 2020

    කෑගල්ල මහ රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකක සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ වන විට අතරමග නවතා තිබේ.

    එහි ඉදිකිරීම් 2017 වසරේදී ආරම්භ කෙරිණ. මේ වන විට රුපියල් මිලියන 220ක් ඊට වැයකර තිබේ. රාජිත සේනාරත්න මහතා පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදි ඔහුගේ ප්‍රධානත්වයෙන්ඉදිකිරිම් ආරම්භ කර තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර රජයට බාර දීමට නියමිතව තිබුණ. අතර කොන්ත්‍රාත්කරුවන් බිම් මහලේ කොටසක් ඉදිකර අත්තිකාරම් මුදලක් ගෙන වැඩ නතර කර තිබේ.

    මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දීමට රෝහල් බලධාරීන් ක්‍රියාකර තිබේ. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමෙන් පසු යළි ඉදිකිරීම් ආරම්භ කරන බව, කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා පැවසිය.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 11:45

    Latest News