අළුයම බටපොළ මනුෂ්‍ය ඝාතනයක්

ජන 15, 2020

    බටපොල, කහටපිටිය ප්‍රදේශයේ මාර්ගයේ පුද්ගලයෙක් කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    අද (15) අළුයම 1.10ට පමණ 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත බටපොල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු මෙම පුද්ගලයා සොයා ගෙන තිබේ.

    අනතුරුව තුවාලකරු බටපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 40 ක් වූ කොබෙයිතුඩුව, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය බටපොල රෝහලේ තැන්පත් කර ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර බටපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

     

     

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 10:31

    Latest News