ජනපතිගෙන් තෛපොංගල් දින සුබ පැතුම්

ජන 15, 2020

    තෛපොංගල් දින වන්දනාවට පාත්‍රා වන සූර්යයා ජීවිතයට ශක්තියත් ගනඳුරු දුරුලන ආලෝකයත් වන්නේ යම් සේ ද උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවා යි ප්‍රාර්ථනය කරමි, යැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා අද (15) දින යෙදෙන තෛපොංගල් උත්සවයට සුබපතමින් කියා සිටියි.

    ජනපති තෛපොංගල් දින පණිවුඩය...

    ලෝකවාසී දෙමළ ජනතාව මහත් හරසරින් පිළිගන්නා තෛපොංගල් මගල්‍යය සමරන ශ්‍රී ලාංකේය දෙමළ සහෝදරත්වය සමග මම ද සතුටින් එක්වෙමි. කෘෂිකර්මය මූලික කොට ජිවනෝපාය සළසා ගන්නා සියලු දෙනා මෙදින සූර්ය වන්දනාව සිදුකර සූර්ය දෙවියන්ට කෘතගුණ දක්වමින් අභිවෘද්ධිය භක්ති පූර්වකව අපේක්ෂා කරති.

    තෛපෙංගල් උත්සවයක් සමග අන්‍යොන්‍ය වශයෙන් සමාජ කණ්ඩායම් අතර ඇති වන නවමු බැඳීම පවුල් ඒකකයේ සිට සමස්ත සමාජය පුරා විහිද යයි. එමගින් දෙමාපිය දූදරු, ගුරු දෙගුරු ඥාතී හිතමිත්‍රාදීන් මෙන්ම, පාලකයන් පාලිතයන් අතර ද මානව ගුණයෙන් යුතු සමාජයීය බැඳීම තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මාගේ විශ

    ආලෝකයෙන් අඳුර නැසෙන්නා සේම සමගියෙන් අසමගිය දුරු වේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සෞභාග්‍ය කරා ගමන් කළ යුත්තේ එකී පදනම මත පිහිටා සිටිමින්. ජාතික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලුදෙනා එකට එක්විය යුතු අතර, එම ඉලක්කය වෙත ළඟා වනු පිණිස ශ්‍රී ලංකාව සිය මව්බිම ලෙස දකින්නැයි ලොව විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකික සහෝදර දෙමළ ජනතාවට මම අරාධනා කරමි.
    තෛපොංගල් දින වන්දනාවට පාත්‍ර වන සූර්යයා ජීවිතයට ශක්තිමත් ගනඳුරු දුරලන ආලෝකයත් වන්නේ යම් සේද උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ඔබේ ජීවිතය ද ප්‍රභාමත් වේවායි ප්‍රාර්ථනය කරමි.

    Latest News