සුප් කඩේ සැඟව සිටි මාරයාගේ කඩුපහරට ගොදුරුවූ අහිංසක ජීවිත දෙකක් !

අගෝ 30, 2019

    නිල්මිණි සිය නිවසේ සාලයේ ලේ විලක් මැද වැතිරී සිටි සිය පුතු දෑතින් රැගෙන විදුලි වේගයෙන් මහපාරට දිව ආවේ පුතුගේ ජීවිතය බේරාගැනීමට රෝහල වෙතරැගෙන යාමටය.

    විලාප දෙමින් සිටි ඇයගේ හඬ ඇසී අසල්වැසියන් ඒ දෙසට දිව ආවේය. ඔවුන්ට ද සිදුවී ඇත්තේ කුමක්ද යන්න පැහැදිලිව වටහාගැනීමට නොහැකි විය. ඇයගේ විලාපය නැවත්වීමට ඔවුන් උත්සාහ කළ ද පුංචි පුතුගේ හිසෙන් ගලා ආ රුධිර ධාරාවට කිසිසේත් එය වළක්වාලීමට නොහැකි විය.

    මාර්ගයේ ගමන් ගන්නා වාහන කීපයක් සිද්ධිය නොදැක්කා සේ ගමන් කළ ද සංවේදී හදවතක් තිබෙන ත්‍රී රෝද රථ රියදුරෙකු ඇයව මීගමුව රෝහලට රැගෙන යාමට කටයුතු කළේය. රෝහල වෙත රැගෙන ගිය ද කිසිත් නො නොදන්නා පුංචි පුතු ජීවිතයෙන් සමුගෙන අවසන්ය. මේ අතරතුර නිවස පිටිපස දරුණු කැපුම් තුවාල සහිතව වැටී සිටි නිල්මිණි ගේ වැඩිමල් දියණිය ද අසළ සිටි පිරිස් මෝටර් රථයකින් මීගමුව රෝහලට රැගෙන යාමට කටයුතු කළත් ඇයත් ඒ වන විටත් මියගොස් තිබිණි. තම පුංචි පුතු මියයෑමෙන් දැඩි කම්පනයට භීතියටත් පත්ව සිටි නිල්මිණිට සිය දියණියට අත්වූ ඉරණම දැන්ගන්නට ලැබීමෙන් එතනට රොක්වී සිටි පිරිස ද මහත් කම්පනයට පත් කරමින් විලාප දෙමින් ඇය හඬන්නට වූවාය. පටාචාරාවට සිදුවූ සංසිද්ධිය කම්පාවට පත්කරමින් ඉකුත් 27 වැනි දින මෙම ඛේදවාචකය වාර්තා වූයේ වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයෙනි.

    වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචි ව සිටි ගාල්ල පතිරණගේ ගිම්හානි නිෂෙලි රූපසිංහ (18) හා ගාල්ල පතිරණගේ සහන් මෙත්සර රූපසිංහ (7) එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මෙසේ අමානුෂික ලෙස තියුණු ආයුධයකින් කපා කොටා ගඝාතනය කර තිබිණි.

    ඔවුන්ගේ නිවස අසළ පදිංචිව සිටින අවුරුදු 28 ක් වයසැති එක්දරු පියකු වන ඉෂාන් සුදීප යන අය ඝාතකයා වේ. ඝාතනයට ලක්වූ දියණිය දංකොටුව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර ඇය මෙවර අපොස උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් පෙනී සිටි ඇත. පුතා නයිනමඩම ශාන්ත මරියා විද්යාංලයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේය.

    මියගිය දරුවන්ගේ පියා ගාල්ල පතිරණගේ හේමන්ත කුමාර මහතා වෘත්තියෙන් විදුලි කාර්මිකයකු වන අතර ඔහුගේ බිරිද වර්ණකුලසුරිය නිල්මිනි ප්‍රියන්ති ප්‍රේමනාන්දු මහත්මිය රැකියාවක් නොකළේය. ඇය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් වෙහෙසෙමින් කටයුතු කරන්නට විය.

    ඔවුන්ගේ පවුලේ දරුවන් තිදෙනෙකි. වැඩිමල් දියණිය ගිම්හානි නිෂෙලිය.ඇය මෙවර අපොස උසස් පෙළ වි විභාගයක ගණිත අංශයෙන් පෙනී සිටියාය. මද්දුම දියණිය නෙත්මි නිමේෂාය. ඇය 10 වසර වසරේ ඉගනුම ලබමින් සිටී. පවුලේ බඩපිස්සා වූයේ සහන් මෙත්සරය. ඔහු 2 වසර ඉගෙනුම ලබමින් සිටියේ ය.
    ඔවුන් තිදෙනා 27 වැනි දින උදෑසන සිට නිවසේ සාලයේ රැඳී සිටිමින් විහිළු තහළු කරමින් සිටියෝය. මව ද දරුවන්ගේ හැසිරීම් බලා සතුටු වෙමින් සිටි එදින උදේ 9.45 ට පමණ ඔවුන් සමඟ සිටි අතර මව රෙදි වැනීමට නිවසේ ඉහළ මාලයට ගියාය. පියා නිවසේ රැඳී සිට කිසියම් අවශ්‍යතාවයක් සඳහා අසල පිහිටි වෙළඳඳසලකට පිටත්ව ගියේය.

    ඒ අතරතුර ඔවුන්ගේ නිවස අසල සිටින ඉෂාන් සුදීප යන අය කඩුවක් රැගෙන ඔවුන්ගේ නිවස පිටුපසින් පැමිණියේ පසුගිය දින කීපය තුල දෙගොල්ලන් අතර පැවති පෞද්ගලික කෝන්තරයක් හේතුවෙන් නිවැසියන් කපා කොටා ඝාතනය කිරීමේ චේතනාවෙන් ය.

    ඔහුගේ ඉලක්කය වූයේ නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳය. යක්ෂාවේෂෙන් ඔහු හොර රහසේ නිවස තුළට ඇතුළු විය. වටපිට බැලූ ඉෂාන්ට අවශ්‍ය පුද්ගලයා නොමැති හෙයින් කෙලින් දොළින් ගත කරමින් සිටී දරුවන්ට කඩුවෙන් පහරදීමට පටන්ගත්තේය. මුලින්ම වයස අවුරුදු හතක් වූ පුංචි සහන් ඔහුගේ ග්‍රහණයට හසුවිය. හිත හිත් පිත් නැති මේ තිරිසනා ඔහුට කඩුවෙන් වැරෙන් පහර කීපයක් එල්ල කළේය. එම අවස්ථාවේ දියණියන් දෙදෙනා පලායාමට දිව ගියේය. මද්දුම දියණිය ඉහල මාලයට ගිය අතර වැඩිමහල් දියණිය මුළුතැන්ගෙයි දෙසට දිව ගියේය දිව ගියාය. හිත් පිත් නැති නරුමයා ගේ ඊළඟ ඉලක්කය ඇය විය. ඇයට කඩුවෙන් පහර කීපයක් පහරක් එල්ල කරන විට ඇය බිම ඇද වැටුණේය. අනතුරුව නැවතත් පහර කීපයක් එල්ල කළ ඔහු ප්‍රධාන මාර්ගය දෙසට පැමිණ ඝාතනය සිදු කළ අයගේ මාර්ගය ආසන්නයේ ඇති කුලී පදනම මත ලබාදී ඇති නිවසට ගිය ඔහු නිවසේ දොර කවුළු වසා තිබූ බැවින් කඩුවෙන් පහර කිපයක් එල්ල කර එහි අගුල කඩා ඇතුළුව වුවද නිවසේ කිසිවෙකු නොසිටියේය.

    එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාව සිය දියණිය රැගෙන ඒමට කොච්චිකඩේ නගරයට ගොස් තිබිණි. ඇය සහ දියණිය සිටියානම් එම නරුමයාගේ ඊළඟට ඉලක්කය ඇය සහ දියණිය විය හැකිය.

    ඝාතන සිදුකර ඔහු විනාඩි කීපයක් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය අසළ රැඳී සිටි අතර පසුව වෙන්නප්පුව පොලිසියට භාරවිය.

    මේ දරුවන්ගේ පියාට අයත් නිවසක් කුලි පදනමට ලබා දී තිබුනේ මාස කිපයකට පෙරය. එම කුලි පදනමට ලබා දී තිබු නිවසද මේ දරුවන් පදිංචි නිවසට මිටර් 20 කටත් අඩු දුරකීන් කොළඹ - හලාවත මාර්ගය ආසන්නයේ වයික්කාල ප්‍රදේශයේ පිහිටා තිබුණි.

    මේ දරුවන්ට මරණය සොයා එන්නට බලපා ඇත්තේ මේ කුලි නිවසට යාබදව පවත්වාගෙන ගිය සුප් හා කැඳ අලෙවි සැලක් පවත්වාගෙන ගිය මෙම ඝාතන වලට සම්බන්ධ සැකකරු නිසාවෙනි.
    මෙම සුප් අලෙවි සැල ඉදිකර තිබුනේ කන්ටේනර් පෙට්ටියක් මතය. එම කන්ටේනර් පෙට්ටිය මනාව සකස් කර තිබුනද වැසි දිනවලදී කන්ටේනර් පෙට්ටියෙන් ගලා ආ ජල කද කුලියට දුන් නිවැසියන්ට මහත් පිඩාවක් එල්ල විම නිසාම ඝාතනයට ලක්වු දරුවන්ගේ පියා මේ පිළිබදව සුප් අලෙවි සැලේ හිමිකරුට හා ඔහුගේ මවට ද අවස්ථා ගණනාවකදී දන්වා එය සකස් කර ගන්නා ලෙසට දන්වා තිබුන ද එය සිදු නොවිම නිසාම දරුවන්ගේ පියා විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට පැමිණිලි කර තිබුනේ මේ සදහා සාධාරණයක් සිදු නොවිම නිසාවෙනී.

    ඒ සම්බන්ධ පැමිණිලි සොයා බැලිමක් ( 28 ) දින යොදා තිබු බව සඳහන්.
    කෙසේ නමුත් නීතියෙන් නිසි ලෙස ඉටු විමට තිබූ මෙම පැමිණිල්ල අවසන් කිරීමට පෙර සුප් වෙලද සැලේ හිමිකරු විසින් අවසන් කර තිබුනේ කිසිදු දෙයකට සම්බන්ධ නැති දරුවන් දෙදෙනෙකුගෙ ජීවිත කෘර අයුරින් අවසන් කරමිනි.

    සිද්ධිය සම්බන්ධව අදහස් දක්වන රංජනී පෙරේරා මහත්මිය...

    “මේ සිද්දිය මේතරම් අපරාධයක් වෙන්න තිබුන සිදුවිමක් නොවෙයි . ඒ තරමට මේ දරුවන් අහිංසකයි. මේ අර එහා පැත්තේ සුප් කඩේ කරගෙන ගිය තැන කන්ටේනර් පෙට්ටියේ වතුර මේ දරුවන්ගේ තාත්තා කුලියට දුන්න නිවසකට ගලා ඒම සිද්ධිය තමා මේ අපරාධයට මුල් වෙලා තිබුනේ. නමුත් කිසිම වේලාවක දරුවන්ගේ දෙමාපියන් ඒ සඳහා කරදර කරලා නැහැ. අපි ඒක හොදටම දන්නවා . 27 උදේ මේ අපරාධය වෙන්න කිසිම ගැටුමක් තිබුනේ නැහැ. අඩුම තරමින් වචන හුවමාරුවක් වත් සිදු වෙලා තිබුනේ නැහැ. එහෙම තියෙද්දී තමා අර කොල්ලා කඩුවක් අරන් වත්ත මැද්දේන් පැනලා ඇවිත් කිසිම දෙයක් දන්නේ නැති අහිංසක දරුවන් දෙදෙනා කපලා මරා දැම්මේ. මල්ලිව කපද්දී දුව දුවද්දි මේ කාලකණ්නියා ඒ දරුවා පස්සේ එලවලා ගිහින් කඩුවෙන් බෙල්ලට කොටලා. අනේ මේ දේවල් දකින්න අපි මොන තරම් පව් කරන්න ඇද්ද...."

    හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේලි හා වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත වෙන්නප්පුව පොලිසියේ වැඩ බලන ්‍ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසේකර රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නෙල්සන් පීරිස් උප පොලිස් පරීක්ෂක ආර්. පින්තු, පොලිස් සැරයන් 23704 සරත්, පොලිස් කොස්තාපල් (34081) ගාමිණී යන නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරයි.

    වාර්තාකරු - මිහිරි විජේසේකර

    IMG 4400 1

    IMG 4431 1

    IMG 4427 1

    IMG 4457 1

    IMG 4449 1 1

    Murdrer 900px 19 08 30

    Murder1

    Murder4

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 17:18

    Latest News