තායි ගුවන්යානයේ මියගිය දෙදෙනාගේ සිරුරු මරණ පරීක්ෂණයෙන් පසු ඉන්දුනීසියාවට

ජන 13, 2020

    තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් යානයක මියගිය ඉන්දුනීසියානුවන් දෙදෙනාගේ දේහයන්, මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඉන්දුනීසියාවට පිටත් කර යැවීමට නියමිත බව කොළඹ ඉන්දුනීසියා තානාපති කාර්යාලය පවසයි.

    අදාළ පුද්ගලයන් දෙදෙනා හදිසියේ රෝගාතුරු වීම හේතුවෙන් තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් යානය කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළට හදිසි ගොඩබැස්වීමක් අද අලුයම සිදු කළේය.

    යානය සෞදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොළ දක්වා පියාසර කෙරිණ. එහිදීයි මෙම පුද්ගලයින් දෙදෙනා අසනීප වී ඇත්තේ. ගුවන් නියමුවා, හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලනු ලැබුවේ ඉන් අනතුරුවයි. මියගොස් සිටියේ, ඉන්දුනීසියානු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බවයි, ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. තායි ගුවන් සේවයට අයත් මේ යානය, කටුනායක ගුවන්තොටුපොළේ නවතා ඉදිරි වැඩ කටයුතු සිදු කරන බවයි කාර්යයේ නියුතු ගුවන්තොටුපොළ කළමනාකරු කියා සිටියේ.

     

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 11:50

    Latest News