කටුනායක ගුවන්තොටුපොළ දෙවැනි පර්යන්තයේ ඉදි කිරීම් ඇරඹේ

ජූනි 22, 2023

    අතරමඟ නවතා දමා තිබූ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    රට තුළ ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලද නමුත් රට ආර්ථික වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ජපාන ජයිකා ආයතනය විසින් මෙම දෙවන පර්යන්තයේ ඉදි කිරීම් සඳහා ලබා දුන් ණය මුදල් නවතා දැමීම මෙම ඉදි කිරීම් නැවතීමට හේතුව විය.

    නමුත් මේ වන විට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර, එහි ප්‍රතිඵලය ලැබෙන තෙක් නොසිට ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ මූල්‍ය ප්‍රතිපාදන වැය කර දෙවන පර්යන්තයේ අත්‍යවශ්‍ය ඉදි කිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

    මෙම ඉදි කිරීම් කටයුතු ජපාන ගුවන්තොටුපොළේ උපදේශන සමාගමේ (JAC) අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර, ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකාවේ ඇක්සස් සමාගම මඟින් සිදු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 ජූනි 2023 08:24

    Latest News