අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ, ත්රිවෙන්ද්රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ ගුවන් යානා 02ක කටුනායක ගුවන්තොටුපොළ වෙත ළගා වී තිබෙනවා.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නව සභාපතිනි වන මාරියා ෆර්නනැන්ඩා ගාර්සා (Maria Fernanda Garza) මහත්මිය, පස් දින නිල සංචාරයක් සඳහා , අද පස්වරුවේ (18) කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණීමට නියමිතය.

අතරමඟ නවතා දමා තිබූ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ඒ අවට නව රථවාහන සැලැස්මක් සැකසෙයි. ගුවන්තොටුපළ හා ඒ අවට මාර්ග තදබදය අවම කිරීම එහි අරමුණයි. ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක නව ගුවන් යානා නැවතුම් අංගනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබාදීම මේ දිනවල සිදු කෙරේ. ඊයේ වන විට 2,000කට පමණ එන්නත ලබා දී අවසන්.

අද (08) ඉන්දියාවේ සිට පුද්ගලයින් 29 දෙනෙකු, කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙකු, ජපානයේ සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 157 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

කටුනායක ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද උදෑසන 9.00 සිට නැවත විවෘත කෙරේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඊයේ (14) දිනයේදී විෂබීජානුහරණය කෙරිණ.

Latest News