රංජන්ගෙන් යහපාලන ආණ්ඩුවේ නිරුවත එළිවෙලා..ඇමති විජිත

ජන 11, 2020

    හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ හඩපට නිසා යහපාලන ආණ්ඩුවේ නිරුවත දැන් එළිවෙන බව කාන්තා හා කළමා කටයුතු අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ වැල්ලවායේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    මෙහිදි අදහස් දැක්වූ විජිත බේරුගොඩ මහතා........


    යහපාලනය වෙනුවෙන් කතා කරපු යහපාලන ආණ්ඩුවේ නිරුවත දැන් එළිවෙනවා. සමහ රාජ්‍ය නිලධාරීන් රංජන් රාමනායක ඉදිරියේ මං වදින්නම් කියලා රාජ්‍ය නිලධාරීන් පුදුම විදියට බැගෑපත් වෙනවා.
    රාජ්‍ය සේවයේ කොන්ද කඩලා මේ වෙනෙ කොට. රංජන් වගේ රාජ්‍ය ඇමතිවරයෙක් මේ විදියට අප්‍රසන්න විදියට රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරනවනම් මැදිහත් වෙනවන්ම් ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වයට මැදිහත් වෙනවනම් යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැතිතුමා ඒවගේම කැබිනට් ඇමතිවරු මේ රාජ්‍ය නිලධාරීන්ට නීතිය නවන්න ස්වාධීනත්වයට හානි වෙන විදියට කොයිතරම් දේවල් කරන්න ඇතිද?

    යහපාලනආණ්ඩුව නිරුවත හෙළිවෙලා දැන් ගදගස්සන තත්ත්වයට පත් වෙලා. අපි රජයක් විදියට මැදිහත් වෙලා මේ සම්බන්ධයෙන් නිවැරැදි පරීක්ෂණයක් කරළා කුමන තරාතිරමක අයෙක්ට උනත් නීතිය ක්‍රියාත්මක කරනවා.

     

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 08:06

    Latest News