එජාප නායකත්ව අර්බුදය දිග්ගැස්සේ: අවසන් තින්දුව කල් යයි

ජන 10, 2020

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ (09) පස්වරුවේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇති වු අර්බුදකාරි තත්වයක් තුළින් අවසන් තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (16) ගැනීමට එකඟතාවයකට පැමිණි තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, කරූ ජයසුරිය සහ ‍‍සජිත් ප්‍රේමදාස යන තිදෙනාම එක්ව නායකත්ව මණ්ඩලයක් වශයෙන් පක්ෂය මෙහෙයවීම යෝජනාව ඉදිරිපත්ව ඇති බව වාර්තාවේ . මිට අමතරව සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදීම යන යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇත. මේ සම්බන්ධයෙන් වු සාකච්ඡාව පැවැත්වෙමින් තිබියදි අජිත් පී. පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් දැඩි සුවරූපයෙන් හැසිරෙන්නට පටන් ගැනීම නිසාවෙන් එම ගැටුම්කාරී තත්වයක් උද්ගතවී ඇති බවයි වාර්තා වන්නේ.

    පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්ව තත්වය සමනය කර ඇති අතර තමන් විදෙස් ගතවිමෙන් පසු යළි දිවයිනට පැමිණ 16 වනදා නායකත්වය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම තුළ ඡන්ද විමසීමක් සිදු කරන බව පැවසුවේ යැයි ආරංචි මාර්ග පවසයි.

    Latest News