නුවරඑලියට මල්තුහින: අස්වනු අඩුවිමෙන් උඩරට එලවළු මිලට බලපෑම් (ඡායාරූප)

ජන 10, 2020

    නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකට අද (10) අලුයම මල්තුහින පතිත වි තිබේ.

    සැම වසරකම ජනවාරි නුවරඑලිය ප්‍රදේශයට මල්තුහින පතිත වන අතර, 2020 වසරේ (10) දින නුවරඑලිය තුරග තරග පිටිය අවටත්, එලවළු වගා බිම් කිහිපයකටත් අලුයම් කාලයේ මල්තුහින පතිත වි ඇතැයි අප වාර්තාකරු පවසයි.

    vegitable1 px 900 20 01 10

    එලවළු වගාවට මල්තුහින පතිතවි හිරු එලිය ලැබිමත් සමග එලවළු වගාව පිලිස්සි යාම වැලැක්විමට වතුර ඉස සොදා දැමිමට එලවළු ගොවින් ක්‍රියා කරති. නුවරඑලිය ප්‍රදේශයට මල්තුහින පවතින කාලයේදි එලවළු වගාව පිලිස්සි අස්වනු අඩුවිමෙන් උඩරට එලවළු මිලද ඉහල යන බව ගොවිහු පවසති.

    පසුගිය වසරේදි නුවරඑලිය අවට මල්තුහින පතිත විමෙන් තේ වාගවටද හානි පැමිණියේය. සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල ලෙසින් පැණෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

    vegitable2 px 900 20 01 10

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 15:10

    Latest News