දඹුල්ල ආර්ථිකයේ එළුවලු මිල පහළට: ගොවියන් කඳුලට

නොවැ 22, 2019

    දඹුල්ල ආර්ථික මධ්‍ය ස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය ඉහළ යාමත් සමග එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.

    මේ දිනවල වැඩි වශයෙන් පහතරට එළවළු වර්ග ලැබෙන බවත් ඊට අමතරව බෝංචි විශාල වශයෙන් ලැබෙන බව ගොවීන් පෙන්වා දෙති. පසුගිය දින තුනක කාලයක සිට රුපියල් විස්සේ සිට රුපියල් 40 දක්වා මිලකට බෝංචි මිල පහත වැටීමත් සමග සමස්ත එළවළු මිල පහත වැටී තිබේ.

    අනෙකුත් එළවළු වර්ග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණ ද ගොවීන් ඉහළ මිලක් ප්‍රකාශ කර සිටියත් ඒවා අලෙවි නොවීම නිසා ඇතැම් අවස්ථාවන්හි නැවත නිවෙස් වලට එළවළු රැගෙන යෑමට පවා සිදුව ඇතැයි ගොවීහු පවසති.

    කැරට්, ලීක්ස්, බීට් යන එළවළු වර්ග කිහිපය හැර අනෙකුත් සෑම එළවළුවක්ම රුපියල් 10 සිට රුපියල් 50 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු තොග ලැබීම නිසා එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවක් පෙනෙන්නට තිබීම එළවලු මිල පහත යෑමට තවත් හේතුවක්වි ඇත.

    කෙසේ වෙතත් තවත් දින ගණනාවක් යන තුරු එළවළු මිල මෙයාකාරයෙන් පහත වැටෙනු ඇති බව ව්‍යාපාරිකයෝ විශ්වාසය පළ කරති. කැකිරි, පිපිඤ්ඤා, වැටකොලු, වම්බටු, පතෝල, කරවිල, බණ්ඩක්කා සහ තක්කාලි වැනි එළවළු වර්ග අද අලුයම සිට විශාල වශයෙන් ලැබි ඇතැයි අප වාර්තාකරු පවසයි.

    vegetable px 900 19 11 22

    vegetable2 px 900 19 11 22

     

    Latest News