තණමල්විල වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

ජන 10, 2020

    තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සමාධිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

    මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිසියට ලද තොරතුරක් අනුව අද(10) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇත. ඊයේ රාත්‍රි මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

     

    murder_01.jpg


    මෙසේ මියගොස් ඇත්තේ කුමාරගම, සූරියආර, තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු තිහක්වන පුද්ගලයකු බව තණමල්විල පොලිසිය පැවසීය.

    සමාධිගම ප්‍රදේශයේ පාලු ඉඩමක මෙම සිදුවීම සිදුවී ඇති අතර මියගිය පුද්ගලයාගේ හිසට වෙඩි තබා ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට විශේෂ විමර්ශනයක් තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් ආරම්භ කර තිබේ. වෙඩිතැබීමට හේතුවක් හෝ සැකකරුවකු මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි. ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරයි.

    Latest News