ලංගමට අලුතින් බස් 600කට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ජන 09, 2020

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අලුතින් බස්රථ 600 ක් ඉන්දියාවෙන් මිලදි ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    මහජනතාවට කාර්යක්ෂම හා සුව පහසු සේවාවක් සැලසිමේ අරමුණේන් බස් රථ මිළදි ගැනිම සිදුවේ.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මීට පෙර මිලදී ගැනීමට අපේක්ෂා කළ බස්රථ වෙනුවට ආසන 30 – 35 නව බස්රථ 500 ක් සහ පසුපස උස් ආසන සහිත ආසන 42 – 45 නව බස්රථ 100 ක් මිලදී ගනු ඇති.

    ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩලය අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. මෙම බස්රථ නාගරික හා ග්‍රාමීය මාර්ගවලද අතුරු පාරවල්වලද යෙදවීමට අදහස් කොට ඇති බවද ඇමතිවරයා කීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 18:47

    Latest News