මැදපෙරදිග අර්බුදයෙන් ඉන්ධන ගැටලුවක් මතු වුවහොත් මුහුණදීමට සූදානම් - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

ජන 09, 2020

    මැදපෙරදිග හටගෙන ඇති උණුසුම් තත්වය හේතුවෙන් ඉන්ධන සඳහා අර්බුදයක් නිර්මාණය වුවහොත් ඊට මුහුණ දිමට රජය සූදානම් යැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

    ගල්ෆ් කලාපය තුළ මතුව ඇති යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඉන්ධන සම්බන්ධයෙන් ගැටළුවක් පැන නඟින්නේ දැයි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡාවක් සිදු වෙමින් පවතින බව සඳහන් කළ ඇමතිවරයා, මෙය කළමණාකරණය කිරිමේ හැකියාව රජය සතු යැයි ඔහු අවධාරණය කළේය.

    Latest News