මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තුවලට නව ආයතන ප්‍රධානීන්

ජන 09, 2020

    මහා භාණ්ඩාගාරයේ පුරප්පාඩුව පැවැති නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් තනතුරු 02 ඇතුළුව ඒ යටතේ පවත්නා දෙපාර්තමේන්තු 13 ක් සඳහා නව ආයතන ප්‍රධානීන් පත්කරනු ලැබ ඇත.

    මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද එම පත්කිරීම් වලට අදාළ ආයතන ප්‍රධානීන් ජනවාරි 08 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී එම ධූරවල වැඩ භාරගන්නා ලදී. ඒ අනුව, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් තනතුරු 02 හා ආයතනවල ප්‍රධානීන් වශයෙන් පහත නිලධාරීන් පත්කරනු ලැබ ඇත.

    • දැනට රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරියෙක් වන පී. අල්ගම මහතා සහ ශ්‍රී ලංකා සැලසුම් සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙක් වන ආර්.එම්.පී. රත්නායක මහතා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරු වශයෙන් වැඩ භාර ගත්හ.
    • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙක් වන කේ.ඒ. විමලේන්දිරරාජා මහතා වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා සැලසුම් සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙක් වන ආර්.එච්.ඩබ්.ඒ. කුමාරසිරි මහතා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා සැලසුම් සේවයේ විශේෂ පන්තියේ නිලධාරිණියක් වන කේ.ජී.කේ. විමලවීර මෙනවිය සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා සැලසුම් සේවාවට අයත් විශේෂ පන්තියේ නිලධාරියෙක් වන ඩී.ඒ.පී. අබේසේකර මහතා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිණියක් වන එස්.එච්.ඩී. කළුතන්ත්‍රි මහත්මිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරිණියක් වන කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරියෙක් වන ආර්.එම්.ඒ. රත්නායක මහතා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරියෙක් වන පී.ඒ. සුසන්ත අතුලකුමාර මහතා රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරිණියක් වන ජේ.සී. වැලිගමගේ මිය රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙක් වන ජූඩ් නිලුක්ෂන් මහතා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්
    • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙක් වන ඒ. විමුක්ති ජනාධර මහතා මහා භාණ්ඩාගාරයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් හා
    • ශ්‍රී ලංකා සැලසුම් සේවයේ පළමු පන්තියේ නිලධාරියෙක් වන ආචාර්ය කපිල සේනානායක මහතා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇත.

    රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ නව රජයේ ප්‍රතිපත්ති යටතේ මෙම සියලු පත්කිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්දේශ අනුව සිදුකර තිබේ. නව ධූරවල වගකීම් බාරයක් ලෙස සළකා රාජකාරි ඉටුකරන මෙන්, මෙම නව පත්වීම් ලැබූ සියලු ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත.

    එම දෙපාර්තමේන්තුවල මෙතෙක් සේවය කළ නිලධාරීන් සුදුසු පරිදි තනතුරු වල ස්ථානගත කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි අනුයුක්ත කර ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 11:59

    Latest News