ගල්ෆ් නොසන්සුන්තාව හේතුවෙන් කොළඹ - ලන්ඩන් ගුවන් ගමන් සංශෝධනයක්

ජන 08, 2020

    මැදපෙරදිග, ගල්ෆ් කලාපයේ ඇතිව ඇති නොසන්සුන්තාව හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොළඹ - ලන්ඩන් ගමනාන්තයේ ගුවන් ගමන් මාර්ගයේ සංශෝධනයක් සිදුකර තිබේ.

    ඒ අනූව කොළඹ - ලන්ඩන් ගමනාන්තයේ ඉරාකය සහ ඉරානය ගුවන් දේශ සීමාවන් මගහැර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා පියාසර කරන බව ශ්‍රී ලංකන් සමාගම පවසයි. මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති උණුසුම් තත්වය සම්බන්ධව එම කලාපයේ ගුවන් අධිකාරීන් සමග සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 11:28

    Latest News