හෙට සිට මෙරට ගුවන් ගමන් යළි ඇරඹේ

මැයි 31, 2021

    හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපොලවල් මෙරටට පැමිණෙන මගීන් සඳහා විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වීචානක මහතා පවසයි. ඒ අනූව, එක් ගුවන්යානයක පැමිණිය හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා වෙයි.

    මෙරටට පැමිණෙන සියලුම ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුවෙයි.

    ගුවන් මගීන්ගේ, ගුවන්තොටුපොළ සේවකයන්ගේ මෙන්ම රටේ ආරක්ෂාව වෙනුවෙන් සියලු ගුවන් මගීන් දින 14ක අනිවාර්ය නිරෝධායනයට මෙන්ම, මෙරටට පැමිණීමට පෙර සිදුකළ යුතු පීසීආර් පරීක්ෂාව, මෙරටට පැමිණීමෙන් පසු සිදුකරන පීසීආර් පරීක්ෂණ 2කට යටත්ව ගුවන් මගීන් ගෙන ඒමට කටයුතු කරන බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    එමෙන්ම, වියට්නාමයේ සිට පැමිණෙන පිරිස් සහ දින 14ක් තුළ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන්, වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ මගීන්ට මෙරටට ඇතුළු වීමට අවසර නොලැබෙන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    එමෙන්ම, ඉන්දියාවේ සිට මෙරටට මගීන් පැමිණීම ද තවදුරටත් නවතා තිබේ. ඉන්දියාව තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පසුගිය මැයි 6 වැනිදා සිට ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කෙරිණ. 

    Latest News