ජුලි 1 සිට ඊජිප්තුවේ ගුවන් ගමන් අරඹයි

ජූනි 15, 2020

    ඊජිප්තුව තම සියලු ගුවන් තොටුපොළවල් ජුලි පළමු වැනිදා දින සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

    කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම උදෙසා මාර්තු මස වසා දැමුණු ගුවන්තොටුපොළ පහසුකම් මෙසේ විවෘත කිරිමට සූදානම් බව එරට සිවිල් ගුවන් ගමන් අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශයට පත් කළේය.

    අමාත්‍ය මොහොමඩ් මනාර් අන්ඛා පවසා සිටියේ ජූලි මස පළමු වැනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් මෙන්ම විදේශ සංචාරයන් සඳහා අවශ්‍ය පහසුකම් ද මේ සමග ආරම්භ කරන බවයි. එහිදී විදේශික සංචාරකයින් සඳහා ඊජිප්තුවේ ප්‍රධාන මුහුදු වෙරළ ආශ්‍රිත වෙරළ නිකේතන පමණක් පළමුවෙන් විවෘත කිරීමට රජය බලාපොරොත්තු වන බව, ඔහු පවසා සිටියේය. කොරෝනා වෛරසය දැනට පාලනය කර නොමැති අටවල් තුනෙන් පැමිණෙන සංචාරකයන් සඳහා කොරෝනා වෛරස පරීක්ෂාව එරටට පැමිණීමට පෙර සිදුකරගත යුතුව තිබේ. මේ වන විට ඊජිප්තුව තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හතළිස්හතර දහස් පන්සිය අනූ අටක් වන අතර, ආසාදිතයන් අතරින් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1,575ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සදුදා, 15 ජූනි 2020 10:42

    Latest News