ගුවන් යානා 4කින් ලාංකිකයින් 91ක් අද දිවයිනට

ජූලි 02, 2020

    කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 91 දෙනෙක් රැගත් විශේෂ ගුවන් යානා 04ක් අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපළට පැමිණියේය.

    පළමු ගුවන් යානය කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට පැමිණි අතර එහි ලාංකිකයන් 21ක් සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ.

    මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන ගුවන් යානා දෙකක් මෙරටට පැමිණ ඇති අතර ඉන් පළමු ගුවන්යානය මගීන් 61 දෙනෙක් ද දෙවන ගුවන්යානයේ මගීන් 08ක් ද පැමිණ තිබේ.

    තවත් ගුවන් යානයකින් අබුඩාබි නුවර සිට එක් ගුවන් මගියෙකු පැමිණ තිබේ.

    මෙම ගුවන් මගීන් සියලු දෙනාම කටුනායක ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණ.

    Latest News