Update : SSP ශානිගේ විමර්ශන සති 02කින් අවසන් කිරිමට පොලිස් කොමිසමෙන් නියෝගයක්

ජන 07, 2020

    SSP ශානි අබේසේකරට ඇති චෝදනා විමර්ශනය කර සති 2ක් තුළ වාර්තාවක් ලබා දෙන්නැයි ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිට නියෝග කරයි.

    SSP ශානිගේ සේවය වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවේ - (17:25)

    CID හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ ශානි අබේසේකර මහතා අතර දුරකතන සංවාද පිළිබඳ කෙරෙන විමර්ශනවලට අදාළව ජාතික පොලිස් කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබේ. එම දුරකතන සංවාද තුළින් පොලිස් දෙපාර්තමේන්තු අපකීර්තියට පත් කිරීමට ඔහුට ඇති චෝදනාවයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඉකුත් නොවැම්බර් 21 වනදා සිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරුවක් ලබා දී තිබිණ.

    එම ස්ථාන මාරුව නීතිවිරෝධී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර ඇත.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 19:11

    Latest News