මැද පෙරදිග නොසන්සුන්කාරී තත්ත්වය ගැන ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන්

ජන 07, 2020

    මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය වීමත් සමඟ මෙම තත්වය උද්ගත වී තිබේ.

    මෙම අවස්ථාවේ දී උපරිම සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසත්, කලාපයේ ස්ථායීතාවයට එල්ල වී ඇති මෙම තර්ජනය අවම කිරීම සඳහා ඵලදායී සංවාදයක් තුළින් සාමය හා සුරක්ෂිතභාවය පවත්වා ගෙන යන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

    Latest News