විදුලිබල මණ්ඩලයෙන් කැබිනට් මණ්ඩලයට වාර්තාවක්

ජන 07, 2020

    ලංකා විදුලි බල මණ්ඩලය ලබා ගත් ඉන්ධන වෙනුවෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබෙන මුදල හා ඊට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් නොව විදුලි උත්පාදනය සඳහා යොදා ගන්නා පෞද්ගලික බලාගාරවල අදාළ පෞද්ගලික ආයතන සඳහා ද මුදල් ගෙවීමට තිබෙන බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

    මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ, විදුලි ඒකකයක් උත්පාදනය කිරිම සඳහා රුපියල් 23ක මුදලක් වැය වුවද එය පාරිභෝගිකයාට ලබා දීමේ දී විදුලි ඒකකයක් රුපියල් 16ක පමණ මුදලකට ලබා දීමට සිදු වී ඇති බවයි. එය ද ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු ලැබිමට එක් හේතුවක් වී ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව ආදායම හා වියදම අතර පරතරය අවම කර ගැනීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 13:23

    Latest News