මාධ්‍යවේදින්ගේ වගකීම ගැන ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේගෙන් පැහැදිලි කිරිමක්

ජන 06, 2020

    මාධ්‍යවේදීන් ප්‍රශස්ථි ගී ගායනා කිරීම නවතා පොදු ජනතාවගේ ගැටලු ප්‍රශ්න, ගමේ නගරයේ පවතින අඩුපාඩු මෙන්ම දූෂනයන් හෙළි කළ යුතු බව ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ රාජා කොල්ලුරේ මහතා පවසයි.

    ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ ඌව පළාත් මාධ්‍යවේදීන් සදහා පැවැති සුහද හමුවකට එක්වෙමිනි.‍

    ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ රාජා කොල්ලුරේ මහතා....

    ඌව පළාත් අභිමානවත් ඉතිහාසයක් ඇති පෞඩ පළාතක්. එහෙත් අදවන විට පළාත පුරා පාරිසරික ප්‍රශ්න රැසක් මතුවී තිබෙනවා. විශේෂයෙන්ම බදුල්ල නගරයේ කසල ප්‍රශ්නය හා ඇල්ල නගරයේ කසල ප්‍රශ්නය ප්‍රබලයි. කාලාන්තරයක් පවතින මේ ප්‍රශ්නයට විසදුමක් ලෙස කසල ප්‍රතිචක්‍රිකරණය කිරීම විධිමත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනය කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම ව්‍යපෘතියෙන් නිපදවන කාබනික පොහොර ගොවි ජනතාවට නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

    සංචාරක ආරක්ෂන දිනූ ඇල්ල නගරයේ කසල ප්‍රශ්නය වගේම රථ වාහන නතර කිරීමට ඉඩ කඩ නොතිබීම විශාල ප්‍රශ්නයක්ව පවතිනවා. මේ නිසා ඉඩපහසුකම් ඇති ස්ථානයක රථගාලක් ස්ථාපිත කිරීමට සැලසුම් කළා. ඇල්ල නගරයේ ජලඅපවහන පද්ධතියේ පවති අඩුපාඩු නිසා අපද්‍රව්‍ය ගලායාමේ ගැලුවක් ති‍බෙනවා. ඊට විසදුම් ගැන අපේ අවධානය යොමුව තියෙනවා.

    දුෂ්කර පාසැල්වල විද්‍යා ගණිත ගුරුවරුන්ගේ හිගයක් පවතිනවා . ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වෙනත් පළාත්වල අය ගුරුපත්වීම් ලබාගෙන තම පළාත් වලට ස්ථාන මාරු‍ ලබාගෙන යාමයි. මේ තත්වය වෙනස් කිරීමට පියවර ගන්නවා. ඩෙංගු මර්ධනය සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කළා. එය සාර්ථක ප්‍රථිපල අත්කර දි තිබෙනවා.

    බදුල්ල දිස්ත්‍රික්කය දිවයිනේ අර්තාපල් අවශ්‍ය තාවයෙන් 40% ක් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම වැලිමඩ ඌවපරණගම, හපුතලේ, බණ්ඩාරවෙල, කැප්පිටිපොල වගේ ප්‍රදේශවල ජනතාවට අර්තාපල් මිල පිළිබදව ගැටලු තිබෙනවා. ඒවා පිළිබදව සොයාබලා අවශ පියවර නිර්දේශ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට ආනයනය කරන අර්තාපල් ප්‍රමාණය අඩු අපේ නිෂ්පාදනය වැඩිකරවීම පිළිබදව ගොවීන් සමග සාකච්ඡා කරනවා. ඔවුන්ට අවශ්‍ය පොහාර හා තාක්ෂණ දැනුම ලබාදීමට කටයුතු කරනවා.

    පසුගියදා කතරගම දි මැණිගග පිටාරය ගැලීම නිසා ගඟ ආශ්‍රීතව තාවකාලිව ඉදිකළ වෙළදසැල් වලට අහිතකර තත්වයක් ඇති උනා. මේ ජල ගැල්ම ඇති උනේ ප්‍රදේශයේ වැවක් පිටාරය ගැලීම වැලැක්වීම සදහා ජලය මුදහැරීමයි. ජලය ගලායන මාර්ගයන් හි පැවැති අවහිරතා ද ජලගැල්මට හේතුවක් උනා. ඒවා විධිමත් කිරීමට මා උපදෙස් දී තිබෙනවා යැයි ඔහු කියා සිටියේය.

    Latest News